ඉන්දියානුවන්ට ඕමානය එපා වෙයි



ඕමානයේ සේවය කරන ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ.

මේ වන විට ඉන්දියානුවන් 492,276 ක් ඕමානයේ සේවය කරන බව ඕමාන් සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පවසනවා.

බංග්ලාදේශ ජාතිකයින් 546,681ක්ද, පකිස්ථාන ජාතිකයන් 179,375ක් සහ පිලිපීන ජාතිකයන් 44,295ක් ඕමාන තුළ සේවය කරන බව වාර්තා වේ.

2020 ඔක්තෝබර් මාසය අවසානය වන විට ඕමානයේ සේවය කරන සමස්ථ විදේශිකයින්ගේ සංඛ්‍යාව සියයට 17 කින් පහත වැටී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS