ඇමෝනියම් නයිට්‍රේට් අත්අඩංගුවට ගත් ඒවා නොවේ



මහ විනාශයක් කරමින් ලෙබනනයේ බීරූට් වරායේ ගබඩාවක තිබී පුපුරා ගිය ඇමෝනියම් නයිට්‍රේට් තොගය අත්අඩංගුවට ගත් ඒවා නොවන බව ලෙබනන් රජය පවසයි.

ඒ, ඒ සම්බන්ධයෙන් වැඩිදුර සිදු කළ විමර්ශනවලින් පසුවය.

ඇමෝනියම් නයිට්‍රේට් තොගය බීරූට් වරායට ගෙනැවිත් ගොඩගසා ඇත්තේ 2013 දීය. ඇමෝනියම් නයිට්‍රේට් තොගය ගෙනැවිත් ඇත්තේ 'රෝසස්' නමැති මොසැම්බික් නෞකාවෙන් බව සිදුකළ විමර්ශනවලදී හෙලි වී තිබේ.

'රෝසස්' නෞකාව තාක්ෂණ දෝෂයක් හේතුවෙන් මුහුදේ අතරමං වී ඇත. එය සෙයා ගැනීමටත්, එහි කාර්ය මණ්ඩලයට පිහිට වූයේත් ලෙබනන් රජයයි. නැවේ පිහිටට ගොස් ඇත්තේ ලෙබනන් වෙරළාරක්ෂකයන්ය.

අබලං වුණු නැව එහි හිමිකරුවන් විසින් පසුව අතහැර දැමුණු අතර, එදා සිට මේ දක්වා ඇමෝනියම් නයිට්‍රේට් තොගය බීරූට් වරායේ අංක 12 ගබඩා අංගනයේ තැම්පත් කර තැබුණු බව විමර්ශනවලින් වැඩි දුරටත් හෙළි වී තිබේ.

ලෙබනන් රේගු බලධාරීන් 2014 සිට 2017 දක්වා අධිකරණයට ලිපි 5 ක් යවමින් ඉල්ලා අත්තේ අන්තරාකාරී මෙම ඇමෝනියම් නයිට්‍රේට් තොගය වෙනත් ආරක්ෂක තැනකට ගෙන යන ලෙසය. නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබී නැත.

ඇමෝනියම් නයිට්‍රේට් තොගය නිසා මහා විනාශයක් සිදුවූයේ නිසි බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවුණු නිසා යැයි ලෙබනන් රේගු නිලධාරීහු පැහැදිලි කරති.

(අල්ජසීරා)


RECOMMEND POSTS