ඇමෙරිකාව තනිවම ඉරානයට සම්බාධක පනවයි



ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවල දැඩි විරෝධය මැද ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පැනැවිය හැකි සම්බාධක සියල්ල ඉරානයට පනවා ඇතැයි වාර්තා වෙයි.

ඇමෙරිකාව ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවල සහාය ලබා ගනිමින් සම්බාධක පැනැවීමට උත්සහ කළත් එය අසාර්ථක විය. ඒ අනුව, ආරක්ෂක මණ්ඩල සාමාජික රටවල විරෝධය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර ඉරානයට එම සම්බාධක පැනැවීම සිදු කළේය.

ඉරානයට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව ගත් තීරණයට කිසියම් රටක් විරෝධය පළ කරන්නේ නම්, එම රට සතුරු රටක් ලෙස ඇමෙරිකාව පිළිගන්නා බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS