ඇමෙරිකන් ’ත්‍රස්ත කල්ලියක්’ අත්අඩංගුවට



ඇමෙරිකාවට සහාය දක්වන, ඇමෙරිකාවේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක 'ත්‍රස්ත කල්ලියක්' අත්අඩංගුවට ගත් බව ඉරානය පවසයි.

2008 වසරේ දී, ඉරානයේ ෂිරාස් නගරයේ සිදු කළ බෝම්බ පිපිරීමේ සිදුවීම පසුපස සිටින්නේ මෙම කල්ලියේ සාමාජිකයන් යැයි ඉරානය පැහැදිලි කරයි.

2008 වසරේ සිදුවුණු එම බෝම්බ පිපිරුමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු අතර 200 දෙනෙක් තුවාල ලැබූහ. මෙම ත්‍රස්ත කල්ලිය ඉරානය අස්ථාවර කිරිමේ අරමුණින් තවත් ප්‍රහාර සැලසුම් කර තිබුණු බව විමර්ශනවලින් හෙළි වී ඇතැයි ඉරාන බුද්ධි අංශ කියයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS