ඇන්ජොලීනා ජෝලී මොසූල් නුවර



සම්මානනීය සුපිරි හොලිවුඞ් නිළියක මෙන්ම, සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක ලෙස ද කටයුතු කරන, මානව ක්‍රියාකාරිනී ඇන්ජොලීනා ජෝලී ඉරාකයට පැමිණ සිටින්නීය.

ඇන්ජොලීනා ජෝලී ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැළකෙන මොසූල් නගරයේ සංචාරයකට ගොස් සිදුවී ඇති මහා ව්‍යසනය දැක බලා ගත්තාය.

පසුගිය වසර කිහිපයේ මොසූල් නගරය අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ බළකොටුවක් වී තිබුණි. නගරය මේ වනවිට මුළුමනින්ම මුදා ගැනීමට ඉරාක රජයේ හමුදා සමත් වී සිටී.

නගරයටත් නගර වැසියන්ට සිදුවුණු විපත දැකීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ඇන්ජොලීනා පවසා ඇත. ඇය සමඟ විදෙස් මාධ්‍ය කණ්ඩායමක් ද මෙම සංචාරයට එක් විය.

මොසූල් නුවර අසරණ වුණු වැසියන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට ද ඇන්ජොලීනා ජෝලී අමතක නොකළාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS