ආසාදිතයන් 2,691ක් අලුතින් හඳුනා ගනියි



සෞදි අරාබියේ කොරෝන් ආසාදිතයන් 2,691ක් අලුතින් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

කොරෝනා ආසාදිතයන් 2,691 ක් අලුතින් හඳුනා ගත් බවත්, සමස්ත ආසාදිතයිගේ සංඛ්‍යාව 70,161 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එම සංඛ්‍යාවෙන් 28,728 ක් සක්‍රීය රෝගීන් සහ 276 ක් බරපතල රෝගීන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් වන සහකාර සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය මොහොමඩ් අල්-අබ්දුලාලි ප්‍රකාශ කළේ ය.   

කොරෝනා ආසාදිතයන් 379 ක් ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, 41,236 දෙනෙක් මේවනවිට සුවය ලබා ඇති බව වෛද්‍ය මොහොමඩ් අල්-අබ්දුලාලි වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS