ආපසු යන්නැයි සිරියා සරණාගතයන්ට කියයි



ලෙබනන් ජනාධිපති මයිකල් එඔන්, එරට රැඳී සිටින සිරියානු සරණාගතයින්ට දන්වා ඇත්තේ ආපසු සිරියාවට යන ලෙසය.

මෙම සරණාගතයන් සිරියාවෙන් පලා ගොස් දේශසීමා හරහා ලෙබනනයට පැමිණියේ, අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේය.

අද වනවිට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ තිබුණු සිරියාවේ පළාත් සහ නගර රැසක් සිරියානු රජයේ හමුදා විසින් යළි අත්පත් කරගනු ලැබ සිටී.

මේ වනවිට සිරියාවේ පළාත්වලට රජයේ හමුදා ආරක්ෂාවක් ලබා දී ඇත. එහෙයින්, එම පළාත්වලට යෑමට පියවර ගන්නැයි ලෙබනන් ජනපති එරට සිටින සිරියානු සංක්‍රමණිකයන්ට දන්වා තිබේ.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS