අසල්වැසි ඊශ්‍රායලයෙනුත් ආධාර



ලෙබනන් ජනාධිපති මයිකල් එයොන්, ලෙබනන් වැසියන්ට පිහිට වෙන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටිද්දී ලෙබනනයේ අසල්වැසියා මෙන්ම ලෙබනනයේ සතුරා ලෙස ද සැලකෙන ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දැක්වීය.

ලෙබනන් රජයට මානුෂීය ආධාර ලබා දීමට පියවර ගන්නා බව ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පිපිරුම සිදුවුණු අවස්ථාවේදී ලෙබනන් වැසියන් බොහෝ දෙනකු සැක කළේ එය ඊශ්‍රායලය කළ පහරදීමක් කියාය.

ඊශ්‍රායලය පවසා ඇති අන්දමට ඔවුන් ලෙබනන් රජයට ආධාර ලබා දෙනු ඇත්තේ මැදහත්කරුවන් මාර්ගයෙනි. ඊට හේතුව ලෙබනනය සහ ඊශ්‍රායලය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවතීමය.

(අල් ජසීරා)


RECOMMEND POSTS