අරාබි ලීගයේ නායකයෝ වෙනමම පලස්තීන රාජ්‍යයක් ඉල්ලති



දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින ඊශ්‍රායල පලස්තීන අර්බුදයට එකම විසඳුම රාජ්‍ය දෙකක් නිර්මාණය කිරීම යැයි අරාබි නායකයෝ අවධාරණය කරති.

ජෝර්දානයේ පැවැති එක්දින සමුළුවකට සහභාගී වෙමින් අරාබි නායකයන් ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර  ස්වාධීන පලස්තීන රාජ්‍යයක් අවශ්‍ය බව එහිදි එම නායකයන් ප්‍රකාශ කර තිබේ.

'විසිඑක්වැනි සියවසේ වර්ණභේදවාදී ක්‍රමවේදයක් ගෙන ඒමට විරුද්ධව අප සටන් කළ යුතුයි. ජාත්‍යන්තර ප්‍රජාවට අපි පීඩනයක් එල්ල කළ යුතුයි. ආරක්ෂක කවුන්සිලය ඊශ්‍රායලයේ යෝජනාවට විරුද්ධ විය යුතුයි. ඔවුන්ට එසේ කරන්න වෙන තැනට අපි කටයුතු කළ යුතු' යැයි කටාර් රාජ්‍යයේ එමීර් ෂීක් තමීම් බින් හමාද් අල් තානි අවධාරණය කළේය.

'ඊශ්‍රායලය කරන අනවසර පදිංචි කිරීම් නවත්වන්න කටයුතු කරන්න ඕනේ. ඔවුන්ගේ නීති විරෝධි කටයුතු නීත්‍යානුකූල කරන්න ගේන්න හදන ජාත්‍යන්තර යෝජනාවලට ඉඩ නොදියි යුතුයි. අවසාන වශයෙන් පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලය දිගින් දිගටම කරන ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්විය යුතු' යැයි ද කටාර් එමීර්වරයා තවදුරටත් පැවැසීය.

වෙනම පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමටත් සාමය කරා යෑමේ මූලික පියවර යැයි ද මෙම එක්දින සමුළුවේ සත්කාරකත්වය දැරු ජෝර්දානයේ, අබ්දුල්ලා රජු ප්‍රකාශ කළේය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS