අයහපත් කාලගුණයෙන් 30ක් මරුට



සෞදියට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙක් මියගොස් ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේය.

මක්කම නගරයේ දස (10)දෙනෙක්ද, අල්-බහා නගරයේ පස් දෙනෙක්ද(05), අසීර් නගරයේ සහ නැගෙනහිර පළාතේ තිදෙනෙක්ද(03), හේල්, ජාසන්, ටබුක් නගරවල දෙදෙනෙක්ද(02), රියාද්, අල්-ජවුෆ් සහ නජ්රාන් නගරවල එක් (01)පුද්ගලයෙක් බැගින් ජීවිතක්ෂයට පත් වී ඇත. අවතැන් වී සිටි පුද්ගලයන් 3,865 දෙනෙක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් වී ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS