අබුඩාබි කුමරු මැක්රොන් හමුවෙයි



ප්‍රංශ ජනාධිපති, එමැනුවෙල් මැක්රොන් සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය හමුදා ප්‍රධානී, ෂෙයික් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන් අතර හමුවක් ප්‍රංශ ජනපති මන්දිරය වන එලිසේ මාලිගයේදී සිදුවූ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

දෙරටේ නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ගල්ෆ් කළාපයේ සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කළ අතර රටවල් දෙක අතර ආර්ථික සංවර්ධන සහ ආයෝජන අවස්ථාවන් වැඩි කර ගන්නා ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති බව  වාර්තා වේ.

ත්‍රස්තවාදී සංවිධානයන් වල මුල්‍ය කටයුතු නතර කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් නායකයින් දෙදෙනා වැඩි අවධානය යොමු කර ඇත. 

අබුඩාබි ඔටුන්න හිමි කුමරු ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ  ඒකාබද්ධ සහයෝගිතාවය සහ  වැදගත් කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයන් වර්ධනය කර ගන්නා ආකාරය පිළිබදව දිර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. ප්‍රංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දේශපාලන, ආරක්ෂක, විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගීතාවයන් පිළිබඳවපැවැත් වු සමුළුවකට ෂෙයික් අබ්දුල්ලා බින් සෙයිඩ් අල් නහියන් සහ එම්රේට්ස් විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS