අපි පහර දුන්නේ නෑ: ඉරානය



සෞදි තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේ ඉරානය යැයි ඇමෙරිකාව චෝදනා කළත්, ඉරානය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඉකුත් 14 වැනිදා අලුයම එල්ල වුණු එම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉරානය පවසා ඇත. ඉකුත් 14 වැනිදා ප්‍රහාර එල්ල වූයේ සෞදියේ අබ් කයික් සහ කුරේයිස් යන පළාත්වල පිහිටි සෞදි රජයේ ඇරැම්කෝ සමාගමේ තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථාවලටය.
තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථානවලට එල්ල වූයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරය.

ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 15 ක් පැමිණි ඇත. ප්‍රහාරය එල්ල කළේ තමන් යැයි යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් පවසා ඇත. එය ඉතා සැලැසුම් සහගතව කළ ප්‍රහාරයක් බව ඇමෙරිකාවත් සෞදියත් කියයි.

ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන්ට, ලොව ප්‍රධාන පෙළේ ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයේ සහාය හිමිවන බව ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව, තෙල් ගබඩා මධ්‍යස්ථානවලට පහර දුන්නේ ඉරානය යැයි  ඇමෙරිකාව චෝදනා කරයි.

‘පහර දුන්නේ කවුරුදැයි අපට රහසක් නොවේ. ඒ බව තහවුරු කිරීම තමයි කළ යුත්තේ. අප ආයුද සන්නද්ධව සූදානමින් ඉන්නවා ප්‍රති ප්‍රහාර එල්ල කරන්න. ගෝලීය තෙල් සැපැයුම අඩපණ කරන්න ඉරානයට ඉඩ දෙන්නේ නැහැ.’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS