අනතුරු පරීක්ෂකවරියන් 40ක්



සෞදි කාන්තාවන්ට මෝටර් රථ ධාවනය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස සෞදි රජු නියෝග කිරීමෙන් පසු කාන්තාවන් මෝටර් රථ ධාවනය කිරීමේදි සිදුවන අනතුරු පරීක්ෂා කිරීම සඳහා කාන්තාවන් හතලිස් දෙනෙක් රථවාහන අනතුරු පරීක්ෂකවරියන්ලෙස බඳවාගෙන ඇති බව වාර්තා වේ.

රථවාහන අනතුරු පරීක්ෂකවරියන් හතලිස් දෙනාට රථවාහන අනතුරුපිළිබඳව මනා පුහුණුවක් ලබාදී ඇති බව වාර්තා වේ.

පිත්වීමේ ලිපි ප්‍රධානොත්සවය රියාද් නුවර ෆො සීසන් හෝටලයේදි පැවති අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞදි රථවාහන අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් මොහොමඩ් බින් අබ්දුල්ලා අල්-බාසාමි පැමිණ ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS