අධිවේගි දුම්රියෙන් යන්න පුළුවන්



මක්කම සහ මඩීනා නගර අතර හරාමේන් අධිවේගි දුම්රිය සේවය පසුගියදා ආරම්භ කළ අතර සාමාන්‍ය ජනතාවටද ගමන් කළ හැකි බව වාර්තා වේ. 

පැයට කිලෝමීටර් 300ක වේගයකින් දුම්රිය ධාවනය වන අතර දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 450කි.

මඩීනා සහ මක්කම අතර ගමන්ගන්නා බැතිමතුන්ට පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ලැබේ.  

සාමාන්‍ය ජනතාව අධිවේගි දුම්රියෙන් රැගෙන යෑම සංකේතවත් කිරීමට දුම්රිය දෙකක් මක්කම සහ මඩීනා දුම්රිය ස්ථානවලින් පෙරවරු 8.00ට ගමන් ආරම්භ කර ඇති අතර, රැගෙන ගිය මුළු මඟින්ගේ සංඛ්‍යාව 417ක් වන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

එක් දුම්රිය ස්ථානයකින් දිනකට ගමන්වාර දෙක බැගින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

පළමු දුම්රිය මක්කම සිට මඩීනා නුවර දක්වා මඟීන් රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝදර්ශන අන්තර්ජාලයට එක්කිරීමට පුද්ගලයන් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS