අත්අඩංගුවට ගන්නැයි වරේන්තු



ඉරාකයට අයත් කුර්දිස්තාන පළාතේ උප ජනාධිපති ලෙස කටයුතු කරන කොස්රාට් රාසූල් අත්අඩංගුවට ගන්නැයි ඉරාක අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇත.

ඒ, කොස්රාට් රාසූල් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. රාසූල් පවසා ඇත්තේ ඉරාක රජයේ හමුදාව ආක්‍රමණශීලී හමුදාවක් ලෙස කටයුතු කරන බවටය. මෙය දේශද්‍රෝහී ප්‍රකාශයක් යැයි ඉරාක අධිකරණය තීන්දු කළේය. වරෙන්තු නිකුත් කෙරුණේ ඒ අනුවය.

කුර්දිස්තානයේ කුර්දිවරුන් උත්සහ ගන්නේ ඔවුන්ගේ පළාත වෙනම රාජ්‍යයක් ලෙස නම් කර ගැනීමටය. ඒ වෙනුවෙන් කුර්දිස්තානයේ ජනමත විමසුමක් ද පැවැත්විණි. ඒ, ඉරාක රජයේ දැඩි විරෝධය මැදය.

එම විරෝධය මැද, මේ වනවිට කුර්දි වැසියන්ගේ පාලනයේ පැවැති සෙසු ඉරාක නගර ද තමන් අතට ගැනීමට ඉරාක රජය සහ හමුදාව කටයුතු කරයි. පසුගිය දා කර්කක් නගරය එසේ තම හමුදා පාලනයට යොමු කිරීමට ඉරාක රජය කටයුතු කළේය. ඉරාක හමුදා ආක්‍රමණශීලී හමුදාවක් යැයි කොස්රාට් රාසූල් පැවැසුවේ එහෙයිනි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS