60,000ක් රාජ්‍ය අංශයේ



සෞදි රජයේ ආයතනවල විදේශ ශ්‍රමිකයන් 60,000ක් සේවය කරන බව සෞදි මුල්‍ය අධිකාරිය නිවේදනයක නිකුත් කරමින් සඳහන් කර ඇත.

2016 වර්ෂය සමඟ සංසන්දනය කිරීමේදි 2017 වර්ෂය වනවිට රජයේ ශ්‍රම බලකාය 0.8%කින් අඩු වී ඇති අතර සංඛ්‍යාත්මකව මිලියන 1.23ක් වන බව මුල්‍ය අධිකාරිය ප්‍රකාශ කළේය.

2017වර්ෂය තුල කාන්තාවන්ගේ ප්‍රතිශතය 0.4%කින් ඉහළ ගොස් ඇති අතර පිරිමින්ගේ ප්‍රතිශතය 0.95%කින් පහළ ගොස් ඇත.

2017 වර්ෂය වනවිට රජයේ ආයතනවල කාන්තාවන් 476,000ක්ද පිරිමින් 697,000ක් සේවය කරයි.

සමස්ථ රාජ්‍ය සේවයෙන් 95.1%ක් සෞදි ජාතිකයන් නියෝජනය කරන අතර 4.9%ක් විදේශිකයන් වේ.

සෞදි නොවන කාන්තාවන් 30,800ක් සේවය කරන අතර 2016 වර්ෂය සමඟ සංසන්දනය කිරීමේදි 2017 වර්ෂය වනවිට7.3%කින් අඩුවී ඇත.

රාජ්‍ය අංශයේ සේවය කරන සෞදි කාන්තාවන්ගේ සංඛ්‍යාව 474,153සිට 476,347දක්වා ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS