48 කගේ ශරීර කොටස් භාර දෙයි



කුවේට් යුධ සිරකරුවන් 48 දෙනෙක්ට අයත් ශරීර කොටස් කුවේටයට භාරදීමට ඉරාකය බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

ශරීර කොටස් භාරදීමේ වැඩ කටයුතු කුවේට් සහ ඉරාක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අල්-අබ්ඩාලි දේශ සීමා මුරපොලේදී සංවිධානය කර තිබු බව කුවේට් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඉරාකයේ කාන්තාර ප්‍රදේශයකින් හමු වුසමුහ මිනීවලකතිබී සොයාගත්ශරීර කොටස් කුවේට් යුධ සිරකරුවන්ට අයත් බවට ඉරාක බලධාරීන් පසුගියදා නිවේදනය කළේ ය.

ඉරාකය 1990 අගොස්තු 02 කුවේටය ආක්‍රමණය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඝාතනය කළ යුධ සිරකරුවන්ට අයත් ශරීර කොටස් බවට සැක කරන බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙමින් පවතින අතරතුර ශරීර කොටස් භාරදීමට ඉරාකය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS