250,000ක් යළි ගම්බිම්වලට



සිරියානු සරණාගතයන් 250,000ක් 2019 වර්ෂය තුල යළි සිය ගම්බිම්වලට පැමිණෙන බව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

මිලියන 5.6කට වැඩි සිරියානු සරණාගතයන් සංඛ්‍යාවක් අසල්වැසි තුර්කිය, ලෙබනන්, ජෝර්දාන්, ඊජිප්තුව, සහ ඉරාකයේ සිටින බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපඅධ්‍යක්ෂ, අමින් අවාඩ් ප්‍රතාශ කළේය.

2018 වර්ෂය තුල සරණාගතයන් 37,000ක් යළි පැමිණ ඇති බවත්, 2019 වර්ෂය තුල 250,000ක් ආපසු පැමිණෙන බවත්, සරණාගතයන්ට අවශ්‍ය පහසුකම් සපයලා දීමට ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් අවශ්‍ය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍

(සෞදිගැසට්)


RECOMMEND POSTS