රජ පවුලෙන් විරොධයක්



මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ට රජ පවුලේ සාමාජිකයන්ගෙන් විරෝධයක් එල්ල වෙමින් පවතින බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

සල්මාන් කුමරු ඔටුන්න හිමි කුමාරයා ලෙස නම් කරනු ලැබුවේ ඔහුගේ පියා මෙන්ම වත්මන් සෞදි රජු ද වන සල්මාන් අබ්දුල්ලාසි ය. කශොග්ජී ඝාතනයට රජුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවටත්, තමන් දිගටම විවේචනය කළ නිසා ඝාතන කණ්ඩායමක් යොදවා කුමරුන් ජමාල් කශොග්ජී ඝාතනය කළ බවටත් තොරතුරු හෙළිවී ඇත.

මාධ්‍යවේදී කශොග්ජී ඝාතනයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව සෞදි කුමරු තරයේ පවසා ඇත. කෙසේ නමුත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සල්මාන් රජු ද රජ පවුලේ සෙසු සාමාජිකයන්ගේ අප්‍රසාදයට ලක් වී ඇති බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS