සෞදි ජාතික දිනය එමීරයේ දී සැමරේ



අසූ අට වැනි සෞදි ජාතික දිනය ඊයේ (23) ට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්යය විසින් උත්සවාකාරයෙන් සමරා ඇතැයි වාර්තා වේ.

සෞදි ජාතික දිනය නිමිත්තෙන මෙලෙස එමීරයේ සැමරුම් උත්සව පවත්වා ඇත්තේ ඉකුත් සිකුරාදා (21) සිටය.

ඩුබායි නගර කේන්ද්රීය කර ගත් සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම ඇති ලෝකෙය් උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා සෞදි ජාතික කොඩියේ පැහැයෙන් ලේසර් කිරණ වලින් වෛර්ණවත් කිරීමට ඩුබායි බලධාරීන් පියවර ගනු ලැබූහ.

ඊට අමතර ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එනු ලබන සෞදි ජාතිකයින් මහත් හරසරින් පිළිගැනීමටද කටයුතු කලහ.තවද ඩුබායි ගුවන්තොටුපළින් පැමිණෙන කුඩා දරුවන්ට රෝස මල් ලබා දෙමින් පිළිගැන්වීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගනු ලැබූහ.

දෙරට අතර අනන්‍යොන්‍ය සුහදත්වය වර්ධනය කර ගැනීම නිමිත්තෙන් මෙලෙස සෞදි ජාතික දින එමීරයේදී මහත් හරසරින් පිළිගැනීමට හේතුවී ඇත.

( තිළිණි ද සිල්වා )
කලීජ් ටයිම්ස්

 


RECOMMEND POSTS