ඩූමා නගරයේ පරීක්ෂණ



සිරියාවේ ඩමස්කස් අගනුවර රසානයනික අවි එල්ල කළ බවට සැක කෙරෙන ස්ථාන රසායනික අවි පිළිබඳ ප්‍රවීණයින්ගේ පරික්ෂාවට ලක්ව තිබේ.

රසායනික අවි භාවිතය වැලැක්විමේ ආයතනයේ කණ්ඩායමක් ඩූමා නගරය වෙත ගොස් පරික්ෂණ සඳහා අවශ්‍ය සාම්පල එක්රුස් කරගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන්  කළේය.

පසුගිය අප්‍රේල් මස 07 වනදා අදාළ රසායනික අවි ප්‍රහාරය එල්ල වු බවට චෝදනා කරමින් අමෙරිකාව ඇතුළු ඔවුන්ට හිතවාදී රටවල් කිහිපයක් සිරියානු ආණ්ඩුව යටතේ පාලනය වන ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාරය එල්ල කළේය.

කෙසේ වෙතත් මේ වන විට ඩුමා නගරයේ පාලනය සියතට ගැනිමට සිරියානු රජය සමත්ව ඇති අතර රසායනික අවි එල්ල වූ බවට එල්ල වන චෝදනා සිරියාව සහ රුසියාව ප්‍රතික්ෂේප කරයි.

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS