විදේශ ඇමති රාජ්‍ය ලේකම් හමුවෙයි



සෞදි විදේශ අමාත්‍ය, ඇඩෙල් ජුබියර් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, රෙක්ස් ටිලර්සන් එක්සත් ජනපදයේදි හමු වීකරුණු රාශියක් සාකච්ඡා කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

යේමනයේ සහ සිරියාවේ පවතින යුද ගැටුම්, ත්‍රස්ත විරෝධි සහයෝගිතාවය, කලාපයේ සාමය ස්ථාපිත කරන ආකාරය, මුහුණදීමට සිදු වී ඇති පොදු ගැටළු, සෞදිය සහ එක්සත් ජනපදය අතර හොඳ හිත වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳවසාකච්ඡා කර ඇත.

වොෂින්ටනයේ සෞදි තානාපති, කලීඩ් බින් සලමන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් කුමරුද සාකච්ඡාවට සහභාගි වී ඇති අතර ගල්ෆ් කලාපයේ සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳවද අවධාණය යොමු කර ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS