කුමරු කාපට් හිමියා හමුවෙලා



අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එමිරේට්ස් නියෝජ්‍ය හමුදා ප්‍රධානී, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් ඇෆ්ගනිස්ථාන් ජාතික කාපට් හිමිකරුවකුගේ වෙළඳසැලකට ගොස් සුවදුක් විමසා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එමිරේට්ස් රාජ්‍යයේ නිර්මාතෘ, හිටපු එමිරේට්ස් ජනාධිපති සහ ඔටුන්න හිමි කුමරුගේ පියා වන ෂයික් සෙයිඩ් බින් සුල්තාන් අල්-නහියන්ගේ රුව සහිත කාපට් එකක් කුමරුට පෙන්වමින් සිය අත්දැකීම් විස්තර කර ඇති බව වාර්තා වේ.

ඔටුන්න හිමි කුමරුට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමේ සියලු විස්තර පළ කර ඇති අතරට්විටර් පරිශීලකයින් කුමරුගේ මානුෂීය ක්‍රියාව ඉතා අගය කරමින් අදහස් පළ කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS