සෞදියේ චිත්‍රපට තහනම ඉවතට



දශක තුනකට වැඩි කාලයක් පැවැති තහනම ඉවත් කරමින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට අවසර දීමට සෞදි අරාබි පාලනය කර තිබේ.

මෙම තීරණය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහම්මෙද් බින් සල්මාන්ගේ සමාජ ප්‍රතිසංස්කරණ මාලාවේ එක් අංගයක් යැයි ද පැවසේ.

මේ අනුව ලබන වසරේ සිට වාණිජ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සෞදි පාලනය අවසර දී තිබෙන අතර මෙලෙස සෞදිය තුළ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන්නේ වසර 35කට පසුවය.

තහනම ඉවත් කරන බව නිවේදනය කළ සෞදි සංස්කෘතිත සහ තොරතුරු අමාත්‍යාංශය රජය සිනමාශාලා සඳහා බලපත්‍ර ලබාදීම කඩිනමින් ආරම්භ කරන බව ද සඳහන් කර තිබේ.

හර්ෂණ තුෂාර
(රොයිටර්)

 


RECOMMEND POSTS