පාපන්දු සම්මේලනයෙන් ප්‍රශංසා



සෞදි කාන්තාවන්ට ක්‍රීඩාංගන තුලට පැමිණ පාපන්දු තරඟ නැරඹීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ලෝක පාපන්දු සම්මේලනය සෞදි රජයටප්‍රශංසා කර ඇති බවජි.ඩි.එන්ඔන්ලයින්වෙබ්අඩවියවාර්තාකළේය. 

කාන්තාවන්ට ක්‍රීඩාංගන තුලට පැමිණ තරඟ නැරඹීමට අවසර ලබාදීම කාන්තාවන්ගේ පෙර නොවු විරූ ජයග්‍රාහණයක් බවත් මෙම වසරේදි රුසියාවේදි පැවැත්වෙන ලෝක පාපන්දු තරඟවලියේදි සෞදි ජාතික කණ්ඩායම ජයග්‍රාහණය කිරීම සඳහා කාන්තාවන්ට වැඩි දායකත්වයක් දැක්විය හැකි බව සම්මේලනය ප්‍රකාශ කළේය.

ජෙඩා හි කිංග් අබ්දුල්ලා ක්‍රීඩාංගණයේදි අල්-අලි සහ අල්-බටන් යන කණ්ඩයම් දෙක අතර පසුගියදා පැවති පාපන්දු තරඟයට කාන්තාවන්ට මුල්වරට පැමිණ නැරඹීමට අවස්ථාව ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS