මිණිමුතු මෝරා බේරා ගැනෙයි



ඩුබායි අල්-ජඩාෆ් මුහුදු සීමාවේ අතරමං වු යෝධ මිණිමුතු මෝරකු මුදාගැනීමට එමිරේට්ස් දේශගුණික විපර්යාස සහ පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මීටර් තුනක දිගකින් යුත් මෙම මිණිමුතු මෝරා මුදාගැනීමේ කටයුතුවලට සමුද්‍ර පරිසර ආරක්ෂණ සංගමයේ සහ ඩුබායි පොලීසියේ සහයෝගය ලැබී ඇත.

ගැඹුරු මුහුදු ප්‍රදේශයකට මිණිමුතු මෝරා රැගෙන යෑමට දක්ෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක් යොදාගැනීමට දේශගුණික විපර්යාස සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජී.ඩී.එන්. ඔන්ලයින්


RECOMMEND POSTS