සෞදිය ළමා සොල්දාදුවන් බඳවා ගන්නවා



යේමන යුද්ධයේදී, සෞදි අරාබිය, ළමා සොල්දාදුවන් බඳවා ගන්නා බවටත්, හවුති කැරැලිකරුවන් සමඟ සටනට ඔවුන් යොදවන බවටත් පළවන වාර්තා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි.

සෞදිය ළමා සොල්දාදුවන් බඳවා ගන්නා බවත්, එම සොල්දාදුවන් යේමන සටනට යොදවන බවත් වාර්තා කර ඇත්තේ ද ඇමෙරිකන් යුද විශ්ලේෂකයන්ය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ සෞදිය අතර පවතින්නේ සමීප සම්බන්ධයකි. යේමන අර්බුදයට සෞදිය සම්බන්ධ වී සිටින්නේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද හවුල් කර ගනිමිනි. ඇමෙරිකාව සහාය දක්වන්නේ සෞදියටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS