සිංගප්පුරු ජනපතිනියට මාලයක්



සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් සිංගප්පුරු ජනාධිපතිනි, හලීමා යාකොබ්ට ත්‍යාගයක් ලෙස රත්‍රං මාලයක් ප්‍රදානය කර ඇත.

සෞදි අරාබියේ නිල සංචාරයක සිංගප්පුරු ජනාධිපතිනිය නිරතව සිටින අතරතුර සෞදි රජු මාලය ප්‍රදාන කිරිමට කටයුතු කර ඇත.

ද්විපාර්ශ්වික සබඳතාවයන් වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව සෞදි රජු සහ සිංගප්පුරු ජනාධිපතිනිය අතර සාකච්ඡා පවත්වා ඇත. 

සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සෞදි අරාබිය සහ සිංගප්පූරුව අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අවස්ථාවන් පිළිබඳව සහ අන්‍යෝන්‍ය වශයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු ගණනාවක් එහිදි සමාලෝචනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS