සම්බාධක ඉවත් කළොත් සාකච්ඡා



ට්‍රම්ප් පරිපාලනය ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරමින්, 2015 දී ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාවට යළි ඇතුළත් වන්නේ නම්, එම න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසයි.

‘අපි කැමතියි ඕනෑම අර්බුදයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න. සාකච්ඡා සඳහා එන්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම බලකරනවා. ඒත් සම්බාධක පනවද්දී සාකච්ඡා කරන්න අපේ සූදානමක් නැහැ.’ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පැහැදිලි කරයි.

ලොව ප්‍රබල රටවල් වන රුසියාව, චීනය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ යුරෝපා සංගමය ද හවුල් කර ගනිමින්, ඇමෙරිකාව ඉරානය සමඟ සාකච්ඡා පවත්වා, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගත්තේ 2015 දීය. එම කටයුත්තේ දී මූලිකත්වය ගෙන ක්‍රියා කළේ එවකට ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාය.

ජනපති ට්‍රම්ප්, එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේ එම එකඟතාව නීති විරෝධී යැයි පෙන්වා දෙමිනි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප් එසේ කළේ ඊශ්‍රායලයට ඇති පක්ෂපාතීභාවය පෙන්වීමට බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS