විරෝධතා අසාර්ථකයි



ඉන්ධන මිල සහ බඩු මිල ඉහළ යනවා යැයි චෝදනා කරමින් ඉරාන විපක්ෂ ක්‍රියාකාරීන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් එක් වී ආරම්භ කළ විරෝධතා අසාර්ථක වුණැයි ඉරාන රජය කියයි.

ඉරාන රජය මේ බව කියා සිටියේ එම විරෝධතාවලට විරෝධය දක්වමින්, ඉරාන රජයට සහාය පළ කරමින්, මිලියන ගණනක් ඉරාන වැසියෝ වීදි බැස මහා ජන රැලියක් පැවැත්වීමත් සමඟය.

ඊයේ (3) දිනයේත්, අද (4) දිනයේත් ඉරානයේ තෙහෙරාන් අගනුවර ඇතුළු නගර රැසක මේ අයුරින් ජනතා රැලි පැවැත්විණි. රජයට සහාය දක්වමින් පැවැති මෙම ජන රැලියේ දී ඊට එක්වූවෝ ඉරාන ධජ ඇතැතිව සිටියහ.

රැස්වුණු එම පිරිස ඉරාන උත්තරීතර නායක අල් කොමේනිගේත් ඉරාන ජනාධිපති හසන් රොව්හානිගේත් ගුණ ගයමින් එම රැලියට එක්වී සිටියහ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS