විනීතව හැසිරෙන්න වෙයි



සෞදි අරාබියේ ප්‍රසිද්ධ ස්ථානවල අවිනීත හැසිරෙන් පුද්ගලයන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අවිනීතිව හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව සෞදි රියාල් පන්සීයක (500) දඩ මුදලක් නියම කරන බව සඳහන් කර ඇත.

එම වර්ෂය තුලම එම වැරද්දම නැවත වතාවක් සිදු කළහොත් දඩ මුදල දෙගුණ වන අතර වාර ගණන අනුව දඩ මුදලද වැඩි වේ. 

නුසුදුසු ඇඳුම් අඳිම, නරක වචන භාවිතා කිරීම, ආරවුල් ඇති කරගැනීම, සෞදි සාම්ප්‍රදායන්ට මෙන්ම සංස්කෘතියට හානිවන අයුරින් කටයුතු කිරීම සහ බිත්තිවල ලිවීම තහනම් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS