රුසියාව සමඟ එක්වෙලා මිසයිල හදනවා
රුසියාව සමඟ එක් වී, එස් 400 මිසයිල පද්ධති නිර්මාණය කිරීමට තුර්කිය බලාපොරොත්තු වෙන බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත.
මේ වනවිට තුර්කිය ඔවුන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්, රුසියාවෙන් එස් 400 මිසයිල පද්ධති මිලදී ගැනීමට පියවර ගෙන ඇත. තුර්කිය නේටෝ රාජ්‍යයකි.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාවේ ද ප්‍රධානත්වයෙන් පිහිටුවීම සිදුවූයේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය.
තුර්කිය රුසියාවෙන් මිසයිල පද්ධති මිලදී ගැනීම, ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, ඇමෙරිකාව මේ වනවිට තුර්කියට ආර්ථික සම්බාධක පැනැවීමක් ද සිදු කර ඇත.
(අල් ජසීරා)