යේමනයේ අයි.එස්. ලොක්කා අල්ලා ගැනෙයි



සිවිල් යුද ගැටුම් පිරුණු යේමනයේ, ඉස්ලාමික් ස්ටේට එසේත් නැතිනම් අයි.එස්.අයි.එල්. ත්‍රස්ත සංවිධානයේ නායක අබු ඔසාමා අල් මුහජීර් අල්ලා ගැනීමට යේමන රජයේ සෞදියට සහාය දක්වන හමුදා සහ සෞදිය සමත් වී ඇත.

අබු ඔසාමා අල් මුහජීර් අල්ලා ගෙන ඇත්තේ පසුගිය 3 වැනිදාය. ඒ, ඔහු සැඟවී සිටි නිවස හමුදාව වැටලූ අවස්ථාවේදීය. මේ බව මාධ්‍ය හමුවේ නිවේදනය කළේ සෞදිය නියෝජනය කරමින් යේමන යුද්ධයට සම්බන්ධ වී සිටින හමුදා බලඇණියේ මාධ්‍ය ප්‍රකාශක ටුර්කී අල් මලීකී ය.

අයි.එස්.අයි.එල්. සංවිධානයේ යේමනයට අදාල අංශයේ මූල්‍ය ප්‍රධානියා ද මිනිත්තු 10 ක මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීමට හැකිවුණු බව අල් මලීකී වැඩිදුරටත් කියා සිටියේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS