මිලාන් නුවරට අලුත් ගුවන්යානයක්



අබුඩාබි-මිලාන් නුවර අතර ගුවන් ගමන් සඳහා එතිහාඩ් ගුවන් සමාගම අලුතින් ගුවන්යානයක් යොදවා ඇති බව වාර්තා වේ.

ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහාත්, සුවපහසු ගුවන්ගමනක් ගුවන් මඟීන්ට ලබාදීම සඳහා බෝයිං 787-9 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානයක් අබුඩාබි-මිලාන් නුවර අතර දිනපතා සේවයට යෙදවීමට ගුවන් සමාගම කටයුතු කර ඇත.

ඉතාලියේ පළමු ගුවන් ගමනාන්තය ලෙස අබුඩාබි-මැල්පෙන්සා අතර ගුවන් සේවය 2007 සැප්තැම්බර් මාසයේ හඳුන්වා දීමට එතිහාඩ් ගුවන්සමාගම කටයුතු කළේ ය.

2007 සිට මේ දක්වා ගුවන් මඟීන් මිලියන 1.4ක් රැගෙන ගොස් ඇති බව ප්‍රධාන වෙළඳ නිලධාරී, රොබින් කමාර්ක් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS