මවට සමාජශාලාවක නටන්න කියලා



නිවසේ රැඳී නොසිට රාත්‍රී සමාජශාලවකට ගොස් නටන ලෙස නිවසින් තම මව පන්නා දැමු පුද්ගලයෙකුට මාසයක සිරදඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.

“ගෙදර ඉන්නේ නැතිව රාත්‍රී සමාජශාලාවකට ගිහින් නටපන්’’ යනුවෙන් පරූෂ වචනයෙන් ඉතා අමානුෂික ආකාරයෙන් තම දරුවා බැන වැඳුනු බව පවසමින් ඩිරාම් 50,000ක දඩයක් නියම කරන ලෙස ඉල්ලමින් මවක් ෆුජයිරා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

පියා සහ මව අතර ඇති වු ආරවුලකදී තමන් පියාට සහයෝගය දැක්වීම හේතුවෙන් මව තමාට විරුද්ධව අධිකරණයට පැමිණිළි කළ බව ඔහු අධිකරණයට ප්‍රකාශ කළේ ය.

තමාට නියම කර ඇති සිරදඩුවම ඉවත් කරන ලෙස පුතා අධිකරණයෙන් ඉල්ලා සිටි බවත්,ඉල්ලා සිටි දඩ මුදල නියම කරන ලෙස තම සේවාදායකයා අධිකරණයෙන් ඉල්ලා සිටින බවමවගේ නීතිඥවරයා පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ෆුජයිරා නුවර)

RECOMMEND POSTS