පාප්තුමෝ එමීරයේ



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ තෙදින සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පැමිණ සිටිති. පාප්තුමකු අරාබි අර්ධද්වීපයේ සංචාරයක් සඳහා පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

අබුඩාබි වෙත සැපත් වුණු පාප්තුමන් මහත් හරසරින් පිළිගනු ලැබුවේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් විසිනි.

හෙට (5) අබුඩාබි සයාද් ක්‍රීඩාංගනයේ පාප්තුමන්ගේ දේව මෙහෙය පැවැත්වෙනු ඇති බවත් 1,35,000 ක පිරිසක් ඊට සහභාගී වනු ඇති බවත් මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

අබුඩාබි සංචාරයේ දී පාප්තුමන් සහ ඉමාම් ෂෙයික් අහ්මද් අල් ටෙයියිබ් නායකතුමන් අතර හමුවක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඊට අමකරව මානව අයිතීන් සුරැකීම වෙනුවෙන් විශේෂ ජාත්‍යන්තර සමුළුවක් අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත අතර, පාප්තුමන් ඊට ද සහභාගී වනු ඇති බව වාර්තා වේ.

සෞදිය සමඟ හවුල් වෙමින්, එක්සත් අරාබි එමීරය යේමන යුද්ධයට සම්බන්ධ වී සිටී. එපමණක් නොව, සෞදිය කටාර් රාජ්‍යයට සම්බාධක පනවා හුදෙකලා කර ඇති අතර, එමිරයේ සහාය හිමිවී ඇත්තේ ද සෞදියටය. මෙම කරුණු සම්බන්ධයෙන් ද පාප්තුමන් සිය අවදානය යොමු කරාවි ද නැද්ද යන්න අවිනිශ්චිත බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අබුඩාබිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS