පාකිස්තාන අගමැති ඉරානයේ



දේවී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දෙදින සංචාරයක් සඳහා අසල්වැසි ඉරානයට පැමිණ සිටී.

අගමැති ධුරයට පත්වීමෙන් පසු අගමැති ඉම්රාන් ඉරානයේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඉරාන සංචාරය ආරම්භ කළේ ශුද්ධ වූ මෂාද් නගරයෙනි. පාකිස්තාන අගමැතිවරයා ඉරාන උත්තරීතර නායක අයොතුල්ලා කොමේනී සහ ජනාධිපති හසන් රොව්හානී හමුවී සාකච්ඡා පැවැත්වීය.

ඉරාන ජනාධිපති හසන් රොව්හානි හමුදා ගෞරව මැද, මහත් හරසරින් පාකිස්තාන නායකයා පිළිගත්තේය. අගමැති ඉම්රාන් සහ ජනාධිපති රොව්හානී හමුවී ද්වීපාර්ශ්වීක සබඳතා තර කර ගැනීමටත්, දේශසීමා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙනුත් සාකච්ඡා පැවැත්විණි.

ඉරානය සහ පාකිස්තානය අතර දේශසීමා අර්බුදයක් පවතී. පාකිස්තාන බලුකිස්තාන පළාත ඇතේතේ ඉරානයටත් පාකිස්තානයටත් මැදිවය. පසුගිය දා පාකිස්තානයේ සිට බලුකිස්තාන පළාත හරහා ගමන් කරන්න වූ පාකිස්තාන මගී බස් රථ කීපයකට බලුකිස්තාන බෙදුම්වාදී ත්‍රස්තයෝ වෙඩි තැබූහ. එයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙම ප්‍රහාරයෙන් පසු, පාකිස්තාන රජය ඉරානයට දන්වා සිටියේ දේශසීමා ආරක්ෂාව තර කිරීමට .මන්ට සහාය දෙන ලෙසය. බලුකිස්තාන බෙදුම්වාදීන්ට ඉරානයේ සහාය හිමිවන බවට ද චෝදනා එල්ල වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS