නියමුවන් සහ ඉංජිනේරුවන් ගැන සොයයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පකිස්ථාන ගුවන් නියමුවන්ගේ සහ ඉංජිනේරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමට යන බව වාර්තා වේ.

පකිස්ථානයේ ගුවන් නියමුවන් ලබාගෙන ඇති නියමු බලපත්‍ර සම්බන්ධයෙන් ඇති වු සැකයක් හේතුවෙන් ගුවන් නියමුවන්ගේ සුදුසුකම් පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව පකිස්ථාන සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා පැවසීය. 

දැනට පකිස්ථාන ගුවන් සේවයේ ගුවන් නියමුවන් 860 දෙනෙක් සේවය කරන අතර, 262දෙදෙනෙක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවරටවල් පහකින් යුත් දකුණු ආසියානු රජයපවසනවා.

මැද පෙරදිග රටවල සේවය කරන පකිස්ථාන ගුවන් නියමුවන්ගේ, ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවන්ගේ සහ ගුවන් මෙහෙයුම් නිලධාරීන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව විස්තර ලබා දෙන ලෙසඑමිරේට්ස් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, සයිෆ් මොහොමඩ් අල්-සුවයිඩිපකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, හසන් නසීර් ජේමිගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS