නව සංචාරක වැඩපිළිවෙළක්



ආයෝජන අවස්ථා වැඩිකර ගනිමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීමට නම වැඩපිළිවෙළක් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීමට සෞදිය පියවර ගෙන ඇත.

රටේ ආර්ථිකය තෙල් (ඉන්ධන) මත යැවීම නතර කිරීම සෞදි රජයේ අරමුණ වී ඇත.

මෙය ද සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ සංකල්පයකට අනුව සිදුවන්නකි.

මෙම නව වැඩපිළිවෙළ යටතේ ඊයේ (27) සිට රටවල් 49 ක් සඳහා නව වීසා නිකුත් කිරීම සිදුවිය.

කාන්තා සංචාරකයන්ට සෞදියට පැමිණෙද්දී ඇඳුම් සහ විලාසිතා සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ද සෞදි රජය කටයුතු කර ඇත.

මෙය ඓතිහාසික තීරණයක් යැයි සෞදි සංචාරක අමත්‍යාංශය පෙන්වා දී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS