ජාත්‍යන්තර පරීක්ෂණයක් එපා



බේරූට් පිපිරුම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ලෝක නායකයන් සහ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පවත්වන ලෙබනන් වැසියන් ඉල්ලා සිටියත්, එසේ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොමැති බව ලෙබනන් ජනාධිපති මයික් එයුන් පවසා තිබේ.

ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ රූපවාහිනී මාධ්‍ය හමුවක් අතරතුරේදීය. බේරූට් පිපිරුම සම්බන්ධයෙන් ලෙබනන් රජය පරීක්ෂණ පවත්වන බවත්, මේ වනවිට අදාල බලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, වරදකරුවන් සිටින්නේ නම් උපරිම දඩුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ලෙබනන් රජය දූෂිත බවටත්, වරායේ ඇමෝනියම් නයිට්‍රේට් අනාරක්ෂිතව ගබඩා කර තැබීමෙන් බේරූට් වැසියන්ගේ ජීවිත අනතුරේ දැමූ බවටත් ලෙබනන් වැසියෝ චෝදනා නගති. මේ වනවිට ලෙබනනය පුරා රජයට එරෙහි විරෝධතා හටගෙන ඇති අතර, ඒවා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බව වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS