චීනයේ හිටපු අය ගැන සොයයි



චීනයේ සිට සෞදි අරාබියට පැමිණි සියළුම දෙනා පිළිබඳව සෞදි විදේශ ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ කාර්යාලය සොයා බලන බව වාර්තා වේ.

චීනයේ සිට පසුගිය සති කීපයේ සෞදි අරාබියට පැමිණි සියළු දෙනා සෞදි බලධාරීන්ට වාර්තා කරන ලෙසදැණුම් දී ඇත.

ගුවනින්, ගොඩබිමින් සහ මුහුදෙන් සෞදි අරාබියට පැමිණි සියලුම දෙනාට අදාළ වේ. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞදි බලධාරීන් දැඩි උත්සාහයක් දරමින් සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS