ගමනාන්ත කීපයකට ගුවන්ගමන් අරඹයි



එතිහාඩ් ගුවන් සහාගම ගමනාන්ත කීපයකට ගුවන්ගමන් යළි ආරම්භ කරන බව වාර්තා වේ.

කොරෝනා වසංගතය හේතුවෙන්  ගුවන් ගමන් නතර කිරීමට ගුවන් සමාගමට සිදු වු අතර, 2020 ජුනි 10 දින සිට යළි ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එතිහාඩ් ගුවන් සමාගම නිවේදනය කරනවා.

යුරෝපයේ, ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ නගර 20 කට ගුවන් ගමන් සඳහා අවසර ලබාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

එමිරේට්ස්, ෆ්ලයිඩුබායි සහ එයාර් අරාබිය යන ගුවන් සමාගම් ඉදිරියේදි ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS