කොරෝනා දික්කසාද අඩුකරයි



කොරෝනා වසංගතය පැතිරීමත් සමඟ සාජා නුවර දික්කසාද සංඛ්‍යාව 50%කින් අඩු වී ඇති බව වාර්තා වේ.

පසුගිය වසරට (2019) සාපේක්ෂව දික්කසාද සංඛ්‍යාව 50%කින් අඩු වී ඇති බව සාජා නුවර පොලිස් අණදෙන නිලධාරී, මේජර් ජෙනරාල් සයිෆ් අල් සාරි අල් ෂම්සි අනාවරණය කළේ ය.

#StayHome කාල පරිච්ඡේදය තුළ අඹුසැමියන් නිවෙස් තුළ රැඳීසිටීම හේතුවෙන් සම්බන්ධතාවයන් යළිත් වරක් අලුත් කර ගැනීමත්, එකිනෙකා අතර අවබෝධය ඉහළ යෑමත්, ආදරණීයන් සමඟ ඇති සබඳතාවයන් වර්ධනය කරගැනීමට හැකියාව ලැබී ඇත.

කාර්ය බහුලත්වය සහ වේගවත් ජීවන රටාව හේතුවෙන් බොහෝ දෙනෙකුට සාර්ථක පවුල් ජීවිත අහිමි වී ඇති බව සයිෆ් අල් සාරි අල් ෂම්සි අවධාරණය කළේ ය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(කලීජ්ටයිම්ස්, සාජා නුවර)

RECOMMEND POSTS