කුවේටයේ 11 කට කොරෝනා



ගතවුණු පැය 24 ඇතුළත කුවේටයෙන් ‘කෝවිඞ් 19’ ආසාදිතයන් දෙදෙනකු හමුවීමත් සමඟ, කුවේටයෙන් හමුවුණු ආසාදිතයන් ගණන 11 තෙක් ඉහළ ගියේය.

කුවේට් සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එරටට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වූයේ ඉරානයෙන් බවය.

මැදපෙරදිග කලාපයේ වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවී ඇත්තේ ඉරානයෙනි. එම සංඛ්‍යාව මේ වනවිට 100 ට ආසන්න යැයි පැවැසෙයි.

කුවේට් සිටීහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS