කතුන්ගේ වැඩි කැමැත්ත කාය වර්ධනයට



සෞදි කාන්තාවන් කායවර්ධන තරඟ සඳහා සහභාගි වීමට වැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වේ. ‍

බර ඉසිලීමේ සහ කාය වර්ධන ක්‍රීඩා සඳහා සෞදි කාන්තාවන් අතර ඇති වී තිබෙන උනන්දුව පිළිබඳව තමන් පුදුමයට පත්වන බව කායවර්ධන පුහුණුකාරිනියක් වන, නාඩා ඉස්මයිල් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

සෞදි කාන්තාවන්ට කායවර්ධන සහ බර ඉසිලීමේ ක්‍රිඩාවල නිරතවීම තහනම් කර තිබූ අතර,  2017 දි එම තහනම ඉවත් කිරීමට සෞදි රජු නියෝග කළේ ය.

කාන්තාවන් සෞදි  ශ්‍රම බලකායට සහභාගී කරවාගැනීම සඳහා වන විශාල වැඩපිළිවෙළක එක් කොටසක් ලෙස මෙය හැදින් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS