එමිරේට්ස් රාජ්‍යයට සංචාරකයෝ ඇවිල්ලා



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය සඳහා සංචාරකයන් මිලියන 14.21 ක් ඉකුත් වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ කාලය තුළ පැමිණ ඇතැයි එරට සංචාරක හා වානිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

එම ප්‍රමාණය 2016 වසරේ එම කාලය  හා සැසඳීමේ දී සියයට 6.7 ක වැඩි වීමකැයි ද එම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මෙම සංචාරක පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගත කර ඇති රාත්‍රින් ගණන මිලියන 25 .49 කැයි ද එම සංඛයා ලේඛන වල සඳහන් වේ. එම ප්‍රමාණය ද පෙර වසරේ අදාල කාලය හා සැසඳීමේ දී වැඩිවීමක් පෙන්වන බව ද එහි සඳහන් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉකුත් වසරේ පැමිණ ඇති සංචාරකයන් අතර වැඩිම පිරස පැමිණ ඇත්තේ ඩුබායි දේශයෙන් වන අතර එම සංඛ්‍යාව මිලියන 1.85 කි. සවුදි අරාබියෙන් 1.43 ක් ද  එක්සත් රාජධානියෙන් මිලියන 1.43 ක් ද රුසියාවෙන්  442000 ක් ද මෙම කාලය තුල පැමිනි පිරිස අතර ඇතැයි එම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.                                                                              
       
විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS