ඊශ්‍රායල අගමැතිට ‘රතු පළස’



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි අතර, නවදිල්ලි ගුවන් හමුදා කඳවුරේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර යැයි පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයෙන් පසු, හටගත් අර්බුදය ගැන සලකා ඉන්දියාවට පැමිණෙන ඊශ්‍රායල අගමැතිවරයාට ‘රතු පළස’ පිළිගැනීමක් පවත්වන්නේ නැතැයි ඉන්දීය රජය මීට සති කිහිපයකට පෙර පවසා තිබුණි.

කෙසේ නමුත් ඉන්දීය අගමැති මෝදි විසින් ඊශ්‍රායල අගමැතිවරයා පිළිගැනීම සිදුවූයේ රතු පළස මතිනි. අගමැති නෙදන්යාහු ඊශ්‍රායලයට පැමිණියේ සිවුදින දින සංචාරයක් සඳහාය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර යැයි ට්‍රම්ප් පරිපාලනය පිළිගැනීමට කටයුතු කිරීම පමණක් නොව, ඉන්පසු මැදපෙරදිග කලාපයේ නිර්මාණය වුණු නව අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි කණස්සල්ලට පත් වී සිටී. ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති සමඟ සාකච්ඡා පැවැත්වීමට ඊශ්‍රායල අගමැති නෙදන්යාහු සූදානම් වෙයි.

ඇමෙරිකා ජනාධිපති ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති ඡන්ද විමසුමේදී ඇමෙරිකාවට එරෙහිව ඡන්දය දුන් රටවල් අතර ඉන්දියාව ද සිටින බව ඉන්දීය පුවත් සේවා සිහිපත් කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS