ඊශ්‍රායලයේ තානාපති කාර්යාලයක්



ඊශ්‍රායලයේ තානාපති කාර්යාලයක් පිහිටුවීමට, එක්සත් අරාබි එමිරේට්ස් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

මේ වනවිට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ යුදෙව් ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වෙමින් පවතින අතර, අබුඩාබි හි ඊශ්‍රායල තානාපති කාර්යාලයක් ද පිහිටුවීමට කටයුතු යෙදී තිබේ.

පලස්තීනුවන්ගේ විරෝධය මැද එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වූයේ පසුගිය අගෝස්තුවේය.

සබඳතා වර්ධනය වීමේ දී මැදහත්කරු ලෙස කටයුතු කළේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS