ඊශ්‍රායලයේ ආසාදිතයෝ 9,400 ක්



ඊශ්‍රායලයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 9,400 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීන්ට අනුව, සිදුවුණු මරණ සංඛ්‍යාව 71 කි. වයිරස ආසාදිතයන්ගෙන් 804 දෙනකුගේ තත්ත්වය බරපතල බව පැවැසෙයි.

ඊශ්‍රායලය මේ වනවිට මුළුමනින්ම ලොක් ඩවුන් කිරීමට අගමැති බෙන්ජමින් නෙදන්යාහු පියවර ගෙන ඇත. ලොක්ඩවුන් ක්‍රියාවලිය අවසන් වන්නේ කවදාදැයි පැවැසිය නොහැකි බව ඊශ්‍රායල අගමැතිවරයා පවසා තිබේ.

ටෙල්අවීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS