ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල



සිරියාවේ සිට ගෝලාන් කඳුකරයේ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල වූ රොකට් ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලය සිරියාවේ ඉරාන හමුදා ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

සිරියානු අර්බුදයට ඉරානය සම්බන්ධ වී සිටින්නේ සිරියානු රජයට සහාය දක්වමින්ය. ඊශ්‍රායලය සහ ඉරානය අතර විරසකයක් පවතී.

ඊශ්‍රායලයේ එම මිසයිල ප්‍රහාර හේතුවෙන් සිරියානු සිවිල් වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මිසයිල ඩමැස්කස් අගනුවර ආ බවත් ඒවායින් බොහොමයක් උඩු ගුවනේදී පුපුරුවා විනාශ කිරීමට හැකිවුණු බවත් සිරියානු රජය පසුව පැවැසීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS